“අනුරගේ පෞද්ගලික ලේකම් වෙන එක ජනාධිපති රනිල්ගේ හීනයක්”

ජනාධිපතිවරයාම ඔහු පරදින බවට පිළිගෙන ඇති බවත් ඔහුගේ කැමැත්ත වන්නේ අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් වීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (08) නුවරඑළිය තලවකැලේ පැවැති ජනහමුවට එක්වෙමින්.

මෙය 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 39 වැනි විජයග්‍රාහී ජන රැළිය වනවා.

වත්මන් ජනාධිපතිවරයාගේ විනෝදාංශය වන්නේ තැපැල් කාර්යාල විකිණීම බවත් නුවරඑළිය තැපැල් කාර්යාලය පවා විකුණන්න එයා උත්සාහ කරන බවත් 21 වැනි දා ජයග්‍රහණයත් සමඟ තමා නුවරඑළියට එන්නේ තැපැල් කාර්යාල විකුණන්න නොව ලැයිම් කාමරවලට සීමා වතු කම්කරු ජනතාවට සහ විරැකියාවෙන් පෙළෙන තරුණයන් කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්වීමට බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

එසේ ම මේ ජනාධිපතිවරයාම ඔහු පරදින බවට පිළිගෙන ඇති බවත් ඔහුගේ කැමැත්ත වන්නේ අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් වීම බවත් දැනටමත් ජනාධිපති සහ අනුර කුමාර එකට එකතු වී තමා පරාජය කරන්න මුදල් වියදම් කරන බවත් කවුරු මොන දේ කළත් ජනතාව තමාව ජයග්‍රහණය කරනවා කියා විශ්වාස බව ඔහු කියා සිටියා.

වසර 200කට වැඩි ඉතිහාසයක් ඇති වතු ජනතාව දහඩිය කදුල වගුරා රටේ ආර්ථිකයට ලබා දුන් දායකත්වය සහයෝගය අමතක කළ නොහැකි බවත් ඒ ශක්තිය අගය කරන ස්තූති කරන හා ගෞරව කරනවා සේම රටේ පුරවැසියන් ලෙස සමාන අයුරින් පිළිගන්නා බවත් වතු ප්‍රජාව නියෝජනය කරන දේශපාලනයට සුදුසු නියෝජනත්වය ලබා දී ඉඩමක නිවසක අයිතිය ලබා දී තහවුරු කර ලැයින් කාමර වෙනුවට වෙනමම උදා ගම්මාන වැඩසටහනක් සඳහා මුල පුරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *