අනූප පැස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කර තිබෙනවා

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය අනූප පැස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා .

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරයාට අයත් කොග්ගල සහ මතුගම පිහිටි බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයක් සඳහා තහනම් කිරීමට අවශ්‍ය බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද කොළඹ මහාධිකරණය වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *