ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කළ බවත්, මෙම සාකච්ඡා දිගටම කරගෙන යාමෙන් තවදුරටත් සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රටේ ආර්ථිකයට, ව්‍යාපාරවලට, ව්‍යාපාරික ප්‍රජාවට සහ ජනතාවගේ ජීවිතවලට වඩාත් හිතකර සංශෝධන සිදු කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඇමරිකා එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තියට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය, වත්මන් තත්ත්වය සහ මෙම තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන ආර්ථික අභියෝග පිළිබඳව අපනයන කර්මාන්තයට අදාළ සියලු පාර්ශ්වයන් සමඟ අද (12) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම අභියෝගාත්මක කාලයේ ධනාත්මක අංශ කෙරෙහි අවධානය යොමු කරමින් අපනයන විවිධාංගීකරණය සඳහා නව වෙළඳපොළ ප්රවේශයන් සහ අවස්ථා හඳුනා ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු විය.