ඇමරිකානු තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ පවත්වන ලද “Scene of Crime Officer Training course (Intermediate & advanced)” පාඨමාලාවේ සහතික පත් ප්රදානය අද කොළඹ ටොරින්ටන් පොලිස් ඇගිලි සලකුණු කොට්ඨාශ ශ්රවණාගාරයේදීසිදු කළා.
ශ්‍රී ලංකා ඇමරිකානු තානාපති කාර්යාලයේ පුර්ණ අනුග්‍රහය මත 2024.02.19 වන දින සිට 2024.10.16 වන අද දින දක්වා අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමට අදාලව පුහුණු සැසි 05 ක් අපරාධ ස්ථාන පරීක්ෂණ (SOCO) නිලධාරීන් සඳහා කළුතර පොලිස් විද්‍යාලයේදී පවත්වනු ලැබුවා.
මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද නිලධාරීන් 95 දෙනෙකු සඳහා සහතිකපත් ප්රදානය කිරීම සහ නිල ලාංඡන පැළඳවීම ශ්‍රී ලංකා ඇමරිකානු තානාපතිතුමියගේ සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුනා.
ඇමරිකානු තානාපතිනියද මෙම අවස්ථාවට එක්ව සිටියා.