අපේ මැයි රැළියේ පිට්ටනියට ගත්තේ ටිකයි තුන් හතර ගුණයක් හිටියේ එළියේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊයේ (01) පැවති මැයි රැළියට පිට්ටනිය ඇතුලට ගත්තේ ඉතා සීමිත පිරිසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මැයි දින රැළියට පිට්ටනියක් ලබා ගැනීම ඔවුන් අතින් සිදු වූ වරදක් බවත් මහාමාර්ගයක රැළිය සූදානම් කළේනම් මාර්ග පුරා ජනතාව පෙන්වීමට හැකියාව තිබූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

එමෙන්ම, සිය මැයි දින රැළියේ පිට්ටනිය තුළ සිටි ජනතාවට වඩා තුන් හතර ගුණයක් පිට්ටනියෙන් පිටත සිටි බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *