අබිරහස් ලෙස මියගිය ගුරුවරයෙකුගේ දේහයක් ළිඳකින් හමුවෙයි

වවුනියාව, නෙළුම්කුලම ප්‍රදේශයේ ළිඳක තිබී ගුරුවරයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

හිරු නිව්ස් කළ විමසීමකදී නෙළුම්කුලම පොලීසිය පැවසුවේ ඒ අසළින් ගිය පුද්ගලයෙක් විසින් ලබාදුන් තොරතුරකට අනුව අද (06) පෙරවරුවේ මෙම මළ සිරුර සොයාගත් බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව, වෙප්පන්කුලම වවුනියාව මුස්ලිම් මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඉගැන්වීම් සිදු කළ තරුණ ගුරුවරයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මළ සිරුර ගොඩගත් ළිඳ අසළ තිබී ගුරුවරයාගේ පාපැදිය, පාවහන් යුගල සහ කුඩය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නෙළුම්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *