අමෙරිකාව චීනයට කළ තර්ජනය

චීනය විසින් යුක්ක්‍රේන ගැටුම සඳහා රුසියාවට අනුබල දීම නතර නොකළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අනතුරු අඟවා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ සීතල යුද්ධයෙන් පසු යුරෝපීය ආරක්ෂාවට දැවැන්තම තර්ජනය මෙම සහයෝගීතාව බව ඔහු පවසා ඇති බවයට.

අමෙරිකාව විසින් චීනයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාදැයි මේවනතෙක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් වේ

ඊශ්‍රායලය සමග ඇති ගැටුම තවදුරටත් උත්සන්න කිරීමට එරෙහිව ඉරානය සමග ඇති සබඳතාවය යොදා ගනිමින් චීනය කටයුතු කරමින් සිටින බවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අවධාරණය කර ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ අමෙරිකාව විසින් චීනයට අයත් TikTok යෙදුම විකිණීමට හෝ අමෙරිකාවේ තහනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *