අඹන්පොල ශිෂ්‍යත්ව මධ්‍යස්ථානයක විවේක කාලය ගැන ගැටලුවක්

අද (15) පෙරවරුවේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

මේ අතර අද අවසන් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40 ක් තුළදී නිකුත් කිරීමට කටයුතු කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,849 කදී පැවති මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ලියාපදිංචිවී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 23,879ක්.

කෙසේ වෙතත් අඹන්පොල ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට ශාලාවේ ශාලාධිපතිනිය විසින් සිදුකළ ක්‍රියාවක් නිසා තම දරුවන් අපහසුතාවයට පත් වූ බව දෙමාපියන් චෝදනා කරනවා.

දෙවන ප්‍රශ්න පත්‍රය අවසානයේදී ලබා දෙන විවේක කාලය අදාල ශාලාවේ සිසුන්ට ලබා නොදීමට ශාලාධිපතිනිය කටයුතු කර ඇති බවටයි ඔවුන් චෝදනා කළේ.

විභාගය අවසන් වී සිසුන් පිටතට පැමිණීමත් සමඟ දෙමාපියන් සහ විභාග බලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත් බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ අදාළ ශාලාධිපතිනිය පිළිබදව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *