අයපත් කාලගුණය නිසා වැසුණු පාසල් විවෘත කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්

ජල ගැලීම් සහ අවතැන් කඳවුරු පවතින පාසල් හැර බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් හෙට (16) විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ අතර දිවයිනේ පවතින වැසි තත්වයේ අඩුවීමක් ඉදිරි දින දෙකේදී බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ වෙතත් අද බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේ පැහැබර කාලගුණ තත්වයක් පැවතුණා.

නමුත් ජලයෙන් යටවූ බොහෝ ප්‍රදේශවල ජලය මේ වනවිට බැස යමින් තිබෙනවා.

අප වාර්තාකරුවන් සදහන් කළේ, ගංවතුර හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල සහ කොලොන්නාව යන ප්‍රදේශවල මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල, කටාන, වත්තල, සහ බියගම යන ප්‍රදේශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

එම ප්‍රදේශවල පීඩාවට පත් ජනතාවට අඛණ්ඩව සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ අංශ සදහන් කළේ.

කැළණි ගග, නාගලම්වීදිය ප්‍රදේශයෙන් සහ ගිංගග බද්දේගම ප්‍රදේශයෙන් තවදුරටත් අවධානම් තත්ත්වයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

අත්තනගලු‍ඔය, කලු‍ගග සහ නිල්වලා ගග ජල මට්ටම් බැස යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. පවතින වර්ෂාපතනය හමුවේ මේ වන විට කුකුළේ ගග ජලාශයේ එක් වාන් දොරටුවක්ද විවෘත කර තිබෙනවා.

මේ අතර, අඹතලේ ප්‍රද්ශවාසීන් පෙන්වා දෙන්නේ, ජල පොම්පාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හටගන්නා බවයි.

මේ වනවිටත් වැළිපිල්ලෑව ගම්මානයේ නිවාස අඩි 05ක් පමණ ජලයෙන් යටව පවතිනවා.

අඹතලේ ජල පොම්පාගාරය සතුව ජල පොම්ප තුනක් පැවතිය ද මේ වනවිට ක්‍රියා කරවන්නේ එක් ජල පොම්පයක් පමණක් වනවා. මේ සම්බන්ධයෙන් එම පොම්පාගාර නිලධාරින් පැවසූයේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ ප්‍රදේශවාසින් සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබූ අතර එය සමථයකට පත්කිරීම සදහා මාලඹේ ප්‍රාදේශීය ලේකම් සහ කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණියා.

මෙහිදී ප්‍රදේශවාසින් චෝදනා කළේ කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අඹතලේ ජල පොම්පාගාරයේ වේල්ල හරහා ජල කාන්දුවක් සිදුවන බැවින් පහත්බිම් ජලයෙන් යටවන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ජලය පොම්පාකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර පවතින වැසි තත්ත්වයත් සමග කොළඹ, ගාල්ල, ගම්පහ, කලු‍තර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත් ක්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *