අයහපත් කාලගුණයෙන් මියගිය ගණන තවත් ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 16 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කැලණි, කළු,නිල්වලා, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිත ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින අතර මේ හේතුවෙන් ජනජීවිතයට එල්ල වී ඇත්තේ දැඩි
බලපෑමක්.

ඒ අතරින් මේ වනවිට වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම්වලටයි.

අද (03) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තාවූයේ වරකාපොළ ප්‍රදේශයෙන්.

එම අගය දැක්වුණේ මිලිමීටර 246.5ක් ලෙසයි.

මේ අතර ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මේ වනවිට දිවයිනේ ප්‍රධාන ගංගා ද්‍රෝණි 5ක ගංවතුර තත්ත්වයන් හටගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *