අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළට

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවැත්වෙන පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එකතු වෙමින්.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රත්නපුර ප්‍රදේශයෙන් මරණ 05කුත්, මාතර ප්‍රදේශයෙන් මරණ 04කුත්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් මරණ 03 මේ වනවිට වාර්තා වී ඇති බවයි.

එමෙන්ම පුද්ගල අතුරුදන් වීම් 05ක් වාර්තා වන බවත් ඔහු සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *