අයි.සී.සී මගින් එලිදැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව T20 පන්දු යවන්නන්ගේ හතරවන ස්ථානය දක්වා එක් ස්තානයකින් පසු බැසීමට වනිදු හසරංගට සිදුවී තිබෙනවා.

තවද ඔහු T20 තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම් වල තුන්වන ස්තානය දක්වා පසුබැස බංගලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් සමග සමතැන්ව සිටිනවා.ඔහු මීට පෙර එම ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේ පසුවූවා.

මේ අතර නවතම අයි.සී.සී T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 11 කින් ඉදිරියට පැමිණෙමින් Reeza Hendricks සහ Jonny Bairstow සමග 15 වන ස්ථානයේ රැඳී සිටිනවා.

කුසල් මෙන්ඩිස්ද එම ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් 19 ස්ථානයේ රැඳී සිටිනවා.

එලෙසම අයි.සී.සී මගින් එලිදැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව කාන්තා T20 පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම් වල 6 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත් වී තිබෙනවා. ඒ ස්තාන තුනකින් ඉදිරියට පැමිණෙමින්.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ශිතා සමරවික්‍රමද එම ශ්‍රේණිගත කිරීම්වල ස්තාන 3 කින් ඉදිරියට පැමිණෙමින් 20 වන ස්තානයේ රැඳී සිටිනවා.

මේ අතර නවතම කාන්තා T20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණීමට කවීෂා දිල්හාරි සමත් වී තිබෙනවා.ඇය 17 වන ස්තානයේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ මස(අගෝස්තු) අයර්ලන්තයේ තරග සංචාරයක් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.එහෙදී T20 තරග 2ක් සහ එක්දින තරග 3කට ඔවුන් සහභාගී වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *