අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කඩුවෙල – බෝමිරිය ප්‍රදේශයේදී බියගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසා සිටියේ සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 15 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 14 ක් සහ හෙරොයින් ග්‍රෑම් 941 ක් සොයාගත් බවයි.

එමෙන්ම ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 7ක මුදල් සහ වාහනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *