අයෙකුට දිවි අහිමි කළ මාරක යතුරුපැදි අනතුරක්

ගල්ගමුව, දිවුල්ලෑව වැව අසල දී ඊයේ (06) සිදු වූ අනතුරකින් පුද්ගලයකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී ඊයේ පස්වරු 03.00 ට පමණ මෙම අනතුර මාර්ගයේ ගමන්ගත් යතුරු පැදියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුව තිබෙනවා.

සිදුවූ එම අනතුරින් යතුරුපැදියේ පැමිණි පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි ගල්ගමුව පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුණ් තඹුත්තේගම, රාජාංගනය පාරේ පදිංචිව සිටි ඩී. එම්. ධර්මසිරි බණ්ඩාර නමැති අයෙක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *