අරුණ දෙවෙනි තැනට

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීට සුළු මොහොතකට පෙර පැවති පිරිමි මීටර 400 ඉසව්වේ මූලික වටයේ 5 වැනි තරගයට අද (04) ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක අරුණ දර්ශන සහභාගී වුණා.

එහිදී ඔහු තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.

මෙම තරගයේ දී අරුණ දර්ශන වාර්තා කළ කාලය තප්පර 44.99ක් වන අතර ඔහු මෙතෙක් වාර්තා කර ඇති හොඳම කාලයද මෙය වෙනවා.

ඒ අනුව ඔහු අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව අරුණ දර්ශන 51 වන ස්ථානයේ පසුවන අතර මීටර් 400 ධාවන ඉසව්වේදී ඔහු මීට පෙර වාර්තා කර ඇති පෞද්ගලික හොඳම කාලය තත්ත්පර 45.30ක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *