අලුත් අවුරුද්දේ පරණ කෝන්තර නිසා 04ක් මරුට

බලංගොඩ පෙට්ටිගලවත්ත ප්‍රදේශයේ අවුරුදු සාදයකට සහභාගි වී යළි පැමිණෙමින් සිටි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකුට දිවි අහිමි වුණා.

පොලිසිය පැවසුවේ තියුණු ආයුධයකින් කළ පහරදී එම තරුණයා ඝාතනය කර ඇති බවයි.

එම පිරිස එක්ව ඊයේ (13) රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා තිබු අතර, එහිදි ඇති වූ බහින්බස්වීමක් දුරදිගයෑමෙන් මෙම පහරදීම සිදුව තිබුණා.

පොලිසිය පැවසුවේ කලක් පැවති පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි.

ගැටුමෙන් තුවාල ලැබු තවත් දෙදෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා බලංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

එමෙන්ම, රන්න වාඩිගල ප්‍රදේශයේ තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර තිබෙනවා.

එම තරුණයා තියුණු ආයුධයක් ද ගෙන ඔහුත් සමඟ කලක සිට ආරවුල පැවති පුද්ගලයෙකු නිවසට ගොස් තර්ජනය කර ඇති අතර, එහිදි එම පුද්ගලයා තරුණයා අත තිබූ ආයුධය පැහැරගෙන ඔහුට පහරදී තිබෙනවා.

එම පහරකෑමෙන් ඔහු මියගිය අතර, පහරදුන් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

මෙලෙස ඝාතනයට ලක් වුණේ අවුරුදු 26 ක් වයසැති සජිත් දිල්ෂාන් නමැති තරුණයෙක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *