අවා‍රේ සිරිපා කරුණාව තහනම්

ශ්‍රි පාද වන්දනා වාරය මේ මස (මැයි) 24 වනදායින් අවසන් විමට නියමිතයි.

ඉන්පසු සිරිපා කරුණාවට අවසර හිමිවන්නේ, විදේශිකයන්ට පමණක් වන බවත් දේශිය සංචාරකයන් හෝ වෙනත් කිසිඳු පුද්ගලයකුට අවසර හිමිනොවන බවත් ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රි පාදයේ සංචාරය සඳහා පැමිණෙන දේශිය සංචාරකයන් පුදබිමට සහ පරිසරයට විශාල ලෙස හානි සිදු කරන නිසා අවාරයේ ශ්‍රි පාදස්ථානය වෙත සංචාරය කිරිමට අවසර ලබා නොදීමට තීරණය කළ බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *