අවුරැදු 4 පස්සේ ආවේ නැවත වරක දේශපාලනයට ආවේ මේ මැතිවරණයේ වැදගත්කම දැකලා

                ‘‘මා ඉතාමත් සතුටු වෙනවා අවුරැදු  4 පස්සේ ආවේ නැවත වරක දේශපාලනයට ආවේ මේ මැතිවරණයේ වැදගත්කම දැකලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාත් මගේ මිතුරැකම අවුරැදු 30 කට එහා ගිය මිතුරැ කමක්. අපි හමුවෙන හැම අවස්ථාවකදීම අපි එකට වැඩකරමු කියලා තමයි එතුමා කියන්නේ. එතුමාගේ දර්ශණය මම දැක්කා විශේෂයෙන් රාජ්‍ය දේපළ විකිණීම, තමුන්නාසේලා දන්නවා මේ රටේ නායකයෝ බිහි වන්නේ ජාති, ආගම්, කුල භේද කරලා දැක්මක් එක්ක ඉස්සරහට යන කණ්ඩායමක් ඉන්නවද කියලා අපි සාකච්ඡා කළා. මේ සියලු කාරණා එක්ක තමයි මම තීරණය කළේ මටත් මේ වේදිකාව සුදුසුයි කියලා.

එතුමා විපක්ෂ නායකතුමා හැටියට කරපු සේවය මම හිතන්නේ නෑ කිසිම විපක්ෂ නායකවරයෙක් තමන්ගේ මුදලින්, තමන් එක්කාසු කරන මුදලින් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් කරලා තියෙනවා.

සජිත් ප්‍රේමදාස මැතිතුමා තනියෙන් රටක් ගෙනියන්න හදන ගමනක් නෙවෙයි. මෙකේ උගතුන්, බුද්ධිමතුන්, ක්‍රිඩකයන්, කලාකරැවන් මේ සියලු දෙනාම ඉන්න වේදිකාවක්. සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වය දෙන කණ්ඩායමට ඉතාමත් හොද පිරිසක් සිටිනවා. ඒක තමයි රටකට වෙන්න ඕන. ක්‍රීඩාවකට වෙන්න පුලුවන්, ආයතනයකට වෙන්න පුලුවන් හොද කණ්ඩායමක්. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉන්න කණ්ඩායම පරණ කණ්ඩායමක්. නායකයා විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එහෙම කරලා කවදාවත් වෙනසක් ඇතිකරන්න හරි අමාරැයි. දැන් මේකේ හොද නායකයෙක් ඉන්නවා හොද කණ්ඩායමකුත් ඉන්නවා අවුරැදු 5 කට නෙමෙයි අවුරැදු 10 කට සැලසුමක් එක්ක අපි මේ ගමනකට ඉදිරිපත් වෙලා ඉන්නවා. පවතින මැතිවරණයේ වැදගත් පුද්ගලයෝ ඉන්න ආණ්ඩුවක් හදන්න තමුන්නාන්සේලාගේ දායකත්වය ලබලා දෙන්න කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.‘‘

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *