අවුරුද්දෙන් පසු යුක්තියේ දැවැන්ත වෙනසක්

මෙරට මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දනයට යොදවා ඇති පොලිස් මෙහෙයුම් අවුරුදු සමයෙන් පසුව දෙගුණ කිරීමට පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රථවාහන රාජකාරිවල නිරත පොලිස් නිලධාරින් හමුවීමට අද (14) පෙරවරුවේ පැමිණි අවස්ථාවේයි.

එහිදී පොලිස්පතිවරයා පැවසුවේ,

“අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඬලීමේ කාර්‍ය අතිශය සාර්ථක වෙලා තිබෙනවා. සිංහල අවුරුද්දෙන් පස්සේ පාතාල මර්දනය සම්බන්ධයෙන් මෙහෙයුම්වල ස්වභාවය තවත් තීව්‍ර කරනවා. පොලිසිය සතුව ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් තිබෙනවා. එයින් මුදා හැරලා තියෙන්නේ සුළු ප්‍රමාණයයි අපරාධ හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්.මම අවශ්‍ය වුණොත් ඒක දෙගුණ තෙගුණ කරලා පොලිසියේ කාර්‍යක්ශමතාවය අඩු සහ ඵ්ලදායිතාවය අඩු සමහර අංශ නවත්තලා ඒ නිලධාරීන්වත් මේ මෙහෙයුම් සඳහා යොමු කරනවා.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *