කොළඹ වෙස්ලි විද්‍යාලයේ ්‍රීඩා පිටියේ ඇති ඉපැරණි ක්‍රීඩාගාරය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීම ඊයේ සිදුකෙරුණා.
එවකට tamil union රීඩා සමාජය සතුව තිබූ මෙම ක්‍රීඩාගාරය පසුව වෙස්ලි විද්‍යාලයට ලබාදී තිබෙනවා
මෙම ඓතිහාසික ක්‍රීඩාගාරය අවුරුදු 127ක් පැරණියි.
ක්‍රීඩාගාරය ප්රතිසංස්කරණයෙන් පසුව විවෘත කිරීම සඳහා විශේෂ උත්සවයක් බොරැල්ලේ පිහිටි ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා.
මෙහිදී වෙස්ලි විද්‍යාලීය ආදි සිසුන් ක්‍රිකට් ක්‍රීඩකයන් ආදී විශාල පිරිසක් එක්ව සිටියා.
ක්‍රීඩාගාරයේ වෙස්ලී විද්‍යාලයේ ක්‍රීඩාව පිළිබඳව තා ඉපැරණි ඡායාරූපද ප්‍රදර්ශනයට තබා තිබෙනවා
විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ ආදි වෙස්ලි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක එල්. ආර් ගුණතිලක මහතායි. වෙස්ලි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් ක්‍රීඩක චන්ද්‍රා ශාෆ්ට මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වුණා.
වෙස්ලි ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති නව්න් ද සිල්වා මහතා මෙහිදී අදහස් දැක්වුවා…
ක්‍රීඩාගාරය ප්‍රතිසංස්කරණය සඳහා ආධාර උපකාර කළ අය සඳහා ඇගයීමක් ද මේ දී සිදු කළා.