අවුරුදු දා ඇහෙන අසුබ පුවත

අවුරුදු දා වැඩි මුදලට අලෙවි කිරීම සඳහා අරක්කු හා බියර් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අශෝක මහතාගේ අධීක්ෂණයෙන් යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක එචි.ඩි.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.04.12 වන දින කයිට්ස් පොලිස් වසමේ 02 වන හරස් පාර, වේලනෙයි නැගෙනහිර, වේලනෙයි යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී බලපත්‍ර නොමැතිව රජයේ සිල් අරක්කු 180 ml බෝතල් 90 ක් හා මිලි ලීටර් 500 ml බියර් ටින් 08 ක් අවුරුද්ද ට වැඩි මුදලට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි වේලනෙයි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *