අසල්වැසි ගැටුමෙන් අයෙක් ජීවිතක්ෂයට

කඩු, පොලු, මුගුරුවලින් සිදුකළ පහර දීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ අසල්වැසි නිවැසියන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් මතයි පහරදීම සිදුකර ඇත්තේ.

එහිදී බරපතල තුවාල සහිතව අයෙකු මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසනවා.

මියගොස් ඇත්තේ වේයන්ගොඩ වඳුරව පදිංචි ලලිත් කුමාර නමැති දෙදරු පියෙක් බවයි පොලිසිය පැවසුවේ.

පවුල් අරාවුලක් හේතු කරගෙන මෙම පුද්ගලයන් දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී තිබෙන බවද පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අවිවාහක තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලිසිය හෙලිකරගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *