අසාර්ථක හම්බන්තොට වරාය සාර්ථක කරනවා

අසාර්ථක හම්බන්තොට වරාය සාර්ථක තත්ත්වයට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) සමගි විහිදුම් බළගණයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්.

අපි විවිධ ජාත්‍යන්තර ආයෝජන හරහා මෙරට ඇති අසාර්ථක ව්‍යාපෘතී සාර්ථක ව්‍යාපෘති බවට පත් කරන්න තමා මෙන්ම තමාගේ කණ්ඩායම සුදානම් බව විපක්ෂනායකවරයා අවධාරණය කර සිටියා.

හම්බන්තොට සංවර්ධනයෙන් බබලන තත්ත්වයට පත්කරන බව ඔහු මෙහිදී කියා සිටියා.

එමෙන්ම මගේ කණ්ඩායම තුළ සිටිනවානම් මැති ඇමැතිකම් වැනි තනතුරු කියන්නේ රෝස මල් යහනා බව කවුරුන් හෝ සිතා සිටින්නේනම්, ඒ අයට දැන්මම කියන්නේ ඒ දේ හිතින් අත්හැර ගන්න කියා විපක්ෂයනායක සජිත් මෙහිදී අවධාරණයෙන් කියා සිටියා.

නායකයා වැඩ කරන ආකාරයට අන් අය ද මහන්සි වෙලා වැඩ කරන ලෙස ඔහු පවසා සිටියා.

රාජ්‍ය පාලනය කියන්නේම දුෂ්කර වැඩක් බවත් අලසකමින් කම්මැලිභාවයෙන් තොරව වැඩ කරන්න සුදානම් වන්න යැයි සිය කණ්ඩායමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *