ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සවි කරන්න ගෙනා CCTV වසර හතක් තිස්සේ ගබඩාවල

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර පරිශ්‍රයේ සවිකිරීම සදහා මිලදී ගත් CCTV කැමරා උපකරණ වසර 06ක් තිස්සේ සවි නොකර ගබඩාවක ගොඩ ගසා ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී පසුගිය දා අනාවරණය වුණා.

ඒ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 2020, 2021 හා 2022 වසරවල විගණකාධිපති වාර්තා හා වත්මන් කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සදහා රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) වෙත එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැඳ වූ අවස්ථාවේ දී යි.

ඒ අනුව ඒවා සවිකිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ.

එම කාරක සභාවේ දී වැඩිදුරටත් අනාවරණය වුණේ, 2017 වසරේ දී රුපියල් මිලියන 2.1ක වියදමින් මිලදී ගත් මෙම කැමරාවලට අවශ්‍ය සියලු උපාංග නොමැති බවත්, ඉන් කොටසක් පමණක් මිලදී ගෙන ඇති බවයි.

එසේ ම එම මිලදීගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වූ නිලධාරීන්ද මේ වනවිට ස්ථාන මාරු ලබා ඇති බව ද එම කමිටුව හමුවේ අනාවරණය වුණා.

ඒ අනුව එම සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර, එම CCTV කැමරා පද්ධතිය සවිකිරීමට පියවර ගන්නා ලෙසත්, මැයි 15ට පෙර එහි ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අදාළ කමිටුව විසින් ආගම විගමන නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 288

Leave A Reply

Your email address will not be published. Required fields are marked *