“ආගම් භේදයකින් තොරව මේ රට එක්සේසත් කරනවා”

සිංහල දමිළ මුස්ලිම් බර්ගර් ජාති ආගම් භේදයකින් තොරව රට එක්සේසත් කළ හැක්කේ සමගි ජන බලවේගයට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (14) නින්දවුර්හි පැවැති 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 55 වැනි විජයග්‍රාහී ජන රැළිය අමතමින්.

මෙරට මුස්ලිම් ප්‍රජාව ඉස්ලාම් ජනතාව භූමදානය ආදාහනය ගැටලුවේ දී ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක කළ අමනෝඥ ප්‍රතිපත්තිය නිසා ඉස්ලාම් ප්‍රජාවට හානි වූ බව විපක්ෂනායකවරයා කියා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක එදා මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් නොවී බියගුලු ප්‍රතිපත්තියක් අනුගමනය කළත් ඒ අවස්ථාවේ දී බය නැතිව මහපාරට බැස විරෝධතා දක්වා ගෝඨාභය රාජපක්ෂ කළ වැරදි ක්‍රියාවට විරුද්ධව එළිපිට කතා කළේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බවය.

තමා බලයට පත් වූ පසු සෑම පාසලක් ම සුහුරු පාසල් කරනවා සේම ජාත්‍යන්තර තලයේ උසස් තරුණ මධ්‍යස්ථාන ආරම්භ කර තරුණ පරපුරට තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව හා නව තාක්ෂණය ඉගෙනිය හැකි හොඳ දක්ෂතාවක් නිපුනතාවක් ලබා ගත හැකි පරිසරයක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

එසේ ම ගොවිතැන් කරන ජනතාව වෙනුවෙන් කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000ට ලබා දෙන බවත් ඒ තුළින් අඩු පිරිවැයකින් අඩු මුදලකින් ගොවිතැන කර ගෙන යා හැකි බවත් ඊට අමතර ව ධිවරයාට ඉන්ධන සහනාධාරයක් ලබා දෙන බව ඔහු අවධාරණය කර සිටියා.

තවද දුප්පත්කම වැඩි වීම නිසා රටේ ජනතාව අසහනයෙන් සිටින බවත් එම නිසා දුප්පත්කම තුරන් කරන්න නව වැඩසටහනක් දියත් කරන බවත් ඒ යටතේ එක් දුප්පත් පවුලකට මාස 24ක් තුළ මසකට රු 20000 බැගින් ලබා දී කොටස් 5ක් යටතේ දුප්පත්කම තුරන් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියා.

ඒ වගේම තරුණ ප්‍රජාව වෙනුවෙන් තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කර ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම තරුණ සංවර්ධන මධ්‍යස්ථාන තුළින් තරුණ ප්‍රජාවට තොරුතුරු තාක්ෂණය , පරිගණක විද්‍යාව , ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ඇතුළු හොද නිපුණතාවයක් තරුණ ප්‍රජාවට ලබාදෙන්න කටයුතු කරන බව විපක්ෂනායකවරයා කියා සිටියා.

අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිතැන් කරන ජනතාවට කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000 ට ලබාදීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කර සිටියා.

ඒ තුළින් ගොවීන්ට අඩු මුදලකට තමන්ගේ ගොවීතැන කරගෙන යන්න හැකියාව ලැබෙන බව ද ධීවර ජනතාව වෙනුවෙන් ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නත් කටයුතු කරන බව ඔහු කියා සිටියා.

මේ වැඩපිළිවෙළ තුළින් අපි බලාපොරොත්තු වෙනවා ගොවිතැන ශක්තිමත් කිරීම ධීවර රැකියාව ශක්තිමත් කිරීම සහ මෙම කර්මාන්ත සුහුරු කර්මාන්ත බවට පත් කිරීමටත් අප කටයුතු කරන බව විපක්ෂනායකවරයා මෙහිදි කියා සිටියා.

අම්පාර දිස්ත්‍රික්කයේ වගේම සමස්ත රටේම ජනතාව විශාල අසහනයක් කටයුතු කරන්නේ බව දුප්පත්භාවය වැඩිවෙලා තිබෙන බව ඔහු අනාවරණ කර සිටියා.

සමගි ජන සන්ධාන රජයකින් දුප්පත්භාවය තුරන් කරන්න අප අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද දුප්පත්භාවයෙන් මිදෙන්නට අලුත් වැඩසටහනක් ඔස්සේ පාරිභෝජනය , ආයෝජනය , ඉතිරි කිරීම , නිෂ්පාදනය , අපනයනය යන කරුණු කේන්ද්‍ර කරගෙන අලුත් දුප්පත්භාවය තුරන් කිරිමේ වැඩසටහනක් දියත් කරන ඔහු අනාවරණ කර සිටියා.

ඒ් අනුව සෑම දුප්පත් පවුලකම ගෘහනිය කේන්ද්‍රීයව මාසයකට රුපියල් 20,000 ක මූල්‍ය ශක්තියක් ලබාදෙමින් අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්භාවයෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතරම එම මුදල්වලින් ජනතාව වැටී තිබෙන අගාධයෙන් ගොඩ එන්නට රජයක් ලෙස මැදිහත් වීමට සුදානම් බව ජනාධිපති අපේක්ෂ සජිත් ප්‍රේමදාස මෙහිදී අවධාරණයෙන් කියා සිටියා.

එමෙන්ම ඔලුවිල් වරායේ තිබෙන අඩුපාඩුකම් හේතුවෙන් මුහුදු ඛාදනය ඕලුවිල් සිට කල්මුනේ , නින්දවුර් , කාර්තිව් , සයින්දමර්දුවල ක්‍රියාත්මක වන අතර ඒ වෙනුවෙන් ස්ථීර විසදුමක් ලබාදෙන්න කටයුතු කරන බව ඔහු කියා සිටියා.

නින්දවූර්වල ෆයිසර් කසීම් ආරම්භ කළ ළමා හා මාතෘ රෝහල අපි අනිවාර්යෙන්ම අංගසම්පුර්ණ රෝහලක් බවට පත් කරන අතරම නින්දවුර් බලප්‍රදේශයේ තිබෙන සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරිම් සම්පුර්ණ කරන්නත් කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *