ආගරපතනෙන් ඇසෙන ඛේදනීය කතාවක්

ත්‍රීරෝද රථයක පිටුපස පොහොර උරය දමා තිබූ බිළිදු මල සිරුරක් හමු වී ඇතැයි ආගරපතන පොලිසිය පවසනවා.

ආගරපතන පොලිස් වසමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු නිවාස පේලියක් අසල මෙසේ නවතා තිබූ ත්‍රීරෝද රථයෙන් දැඩි දුගඳක් හැමීම නිසා එම ත්‍රීරෝද රථයේ රියදුරුගේ මව ඒ පිළිබඳව සොයා බැලිමේදී ත්‍රීරෝද රථයේ පිටුපස තිබි මෙම බිළිදු මල සිරුර සොයාගෙන තිබෙනවා.

ත්‍රීරෝද රථයේ රියදුරු එම වතුයායේම පදිංචිකරුවෙකු බවත්, ඔහු ත්‍රීරෝද රථයෙන් ගමනක් ගොස් ආපසු අද (10) උදෑසන නිවසට පැමිණ ත්‍රීරෝද රථය ගාල් කර ඇති බවත්, මේ වනවිට කළ මූලික විමර්ෂණවලදී අනාවරණය වී ඇති බව ආගරපතන පොලිසිය සඳහන් කරනවා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ආගරපතන පොලිසිය සඳහන් කළේ, මෙතෙක් එම බිළිදාගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති බවයි.

බිළිදු මල සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරන බව ආගරපතන පොලිසිය වැඩිදුරටත් පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *