ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත පත් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍ය විජිත හේරත් පත් කර තිබෙනවා.

ඒ, මීට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙනුවෙන්.

2001 වසරේ පැවැති රජය 2001 ඔක්තෝබර් මාසයේදී මෙරට ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට 17 වැනි සංශෝධනය එක් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හඳුන්වා දුන්නා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යභාරය වන්නේ ජනාධිපතිවරයා කරන කාර්යයන්ට අනුමැතිය හා නිර්දේශ ලබා දීමයි.

මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් සේවා කොමිසම, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිසම, සීමා නීර්ණ කොමිෂන් සභාව යන කොමිෂන් සභා සඳහා ජනාධිපතිවරයා කරන පත් කිරීම්වලට නිර්දේශ ලබා දීම ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සභාවේ කාර්යන් අතරට අයත්.

අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයා පත් කරන එක් නියෝජිතයෙක්, අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාගේම නාම යෝජනා කිරීම මත ජනාධිපතිවරයා පත් කරන නියෝජිතයින් 05 දෙනෙක්, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අයත් දේශපාලන පක්ෂ හෝ අනෙකුත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ එකඟත්වය මත නාම යෝජනා කර ජනාධිපතිවරයා පත් කරන එක් නියෝජිතයෙකු එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය ලෙසින් දැක්වෙනවා.

ව්‍යවස්ථාදායක සභාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය නියෝජිතයා ලෙස පත් කර තිබුණේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වන අතර, හිටපු ජනාධිපතිවරයාගේ ධුරය අහෝසි වීමත් සමග නිමල් සිරිපාල ද සිල්වාගේ ව්‍යවස්ථා සභා නියෝජිත ධුරය ද අහෝසි වුණා.

ඒ අනුව නව ජනාධිපති අනුර කුමාර දිසානායක ව්‍යවස්ථා සභාවේ සිය නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් පත් කර තිබෙනවා.

ඉදිරි ව්‍යස්ථාදායක සභා අනුමැතීන් ලබා දීමේදී වත්මන් ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ඉදිරියට කටයුතු කරන්නේ අමාත්‍ය විජිත හේරත්ය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *