ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාසල් දරුවන්ට ඉගැන්විය යුතුයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පාසල් මට්ටමේ සිට ඉගැන්වීම් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, සක්වළ වැඩසටහනේ 321 වැනි අදියර යටතේ මන්නාරම, දේවානම්පිටිය රෝමානු කතෝලික දෙමළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට අද එක්වෙමින්.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් ද එක්ව සිටියා.

පාසල් දහදාස් අනු හයෙන් සෑම පුස්තකාලටකටම අනිවාර්යෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාෂා තුනෙන්ම ලබාදෙන බවද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *