ආපදා මරණ 21 දක්වා ඉහළට

පැවති අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඇති වූ ආපදා වලින් මියගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහල ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

එමෙන්ම ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාවට විශේෂ සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කළේ.

එම අමාත්‍යංශය සදහන් කළේ අවතැන් කදවුරුවල සිටින ජනතාව මෙන්ම ගංවතුරට ලක් වූ නිවාස වලට ගොස් ජනතාව පරීක්ෂා කර ඊට අදාළ උපදෙස් ලබාදෙන ලෙස සෞඛ්‍ය නිලධාරීන්ට දැනුම් දුන් බවයි.

මී උණ රෝගයට ලබාදෙන ඖෂධ අදාළ ප්‍රදේශවලට හිගයකින් තොරව නිකුත් කිරීමටත් ළිං ක්ලෝරීන්කරණය ලක් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

මේ අතර ගංවතුර ක්‍රමයෙන් බැස යාමත් සමග අදාළ ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ බෝ වන රෝගවලින් ආරක්ෂාවීම සදහා උණුකර නිවාගත් ජලය පානය කරන ලෙසයි.

එමෙන්ම පවතින තත්වය හමුවේ බස්නාහිර පළාතේ ගංවතුර හේතුවෙන් වසා දමා තිබූ මේ වනවිට ජලය බැසගොස් ඇති ප්‍රදේශවල පාසල් අද යලි විවෘත කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කළා.

කෙසේවෙතත් රත්නපුර අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සහ නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත, අයගම හා කලවාන කොට්ඨාසවලට අයත් පාසල් අද නොපැවැත්වෙන බවයි සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් බී.ඒ.සී. බමුණුආරච්චි කියා සිටියේ.

එසේම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් අදත් පැවැත්වෙන්නේ නැහැ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *