“ආබාධිත ප්‍රජාවගේ අයිතිය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කරනවා”

ආබාධිත ප්‍රජාවගේ අයිතිය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කරන බව විපක්ෂ නායක නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹ පැවැති කොළඹ දී ආබාධිත ප්‍රජාව සමග පැවැති සම්මන්ත්‍රණයකදීය.

2012 සංගණනය අනුව අප රටේ සමස්ත ජනගහනයෙන් 8.7%ක් ආබාධිත ප්‍රජාව සිටින බවත් එය ලක්ෂ 16ක් බවත් මේ ප්‍රජාව වෙනුවෙන් අවස්ථා ගණනාවක පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත දැවැන්ත හඩක් නැගු බවත් පසුගිය ජනාධිපතිවරණයේ දී ද සමාජ ගිවිසුමකට ප්‍රවේශ වූ බවත් අවසනාවකට මෙන් ඒ සදහා රාජ්‍ය බලය නොලැබුනත් විපක්ෂයේ සිට ඒ සදහා වැඩකළ බව විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යෝජනා ඉදිරිපත් කරන විට එයට විරුද්ධ වූ අය සිටි බවත් මේ සහෝදරයන් වෙනුවෙන් හඩ නැගු අයට සිය ස්තුතිය පුද කරන බව ඔහු කියා සිටියා.

ජනතාව සමග විවිධ ගිවිසුම් ප්‍රඥප්ති අත්සන් කළ ද ඒවා මෙතෙක් ක්‍රියාත්මක නොවුවත් සමගි ජන බලවේග රජයක් තුළ එය ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණයෙන් පවසා සිටියා.

2004 සිට මෙම අණපනත ඉදිරිපත් වුවත් ඒවා තවමත් ක්‍රියාත්මක නොවී කමිටු පෙන්වා කමිටු සූදුවේ නිරත වී ඇති බවත් ආබාධිත ප්‍රජාවට විරුද්ධව මේ අය කටයතු කර ඇති බව විපක්ෂනායකවරයා අනාවරණ කර සිටියා.

මෙවැනි වෙනස්කම් සිදු නොවන්නේ මේ වෙනස්කම්වලට විරුද්ධ බලවේග හෝ නිලධාරි බලවේග නිසා බැවින් කවුරු විරුද්ධ වුවත් සමගි ජන බලවේගය එම වෙනස්කම් ඉටු කර දෙන බව ඔහු පවසා සිටියා.

ආබාධිත ප්‍රජාවගේ ගැටලු තනි අමාත්‍යාංශයකින් විසදන්න බැරි බවත් බහුවිධ ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් ඒ සදහා ආබාධිත ප්‍රජාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කරන බව ඔහු මෙහි දී පොරොන්දු වී සිටියා.

එමෙන්ම නෛතික බෑදිම ඇති කරන්න වෙනමම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් රැකියාව අධ්‍යාපනය වෙනුවෙන් අයිතියක් ඇති බවත් මේවා ලබා දීමේදී වෙනමම 3%ක කෝටා එකක් ඇති බවත් එම රැකියා ප්‍රතිපත්තිය සමගි ජන බලවේග රජයක් තුළ ලබා දෙන බවත් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ලබා දෙන දීමනාද වැඩි කරන බව ඔහු පවසා සිටියා.

එසේම මේ ප්‍රජාවට අයත් උපකරණ සදහා බදු ගසා ඇති නිසා ඒවා ඉවත් කරන බවත් රක්ෂණ ආවරණ ලබා දෙන බවත් බැංකු ණය සදහා ද බාධා ඇති නිසා ඒවා ලිහිල් කරන බවත් මේ ප්‍රජාව තුළ දක්ෂ පිරිස් සිටින නිසා මේ අය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියා.

මේවා වචනවලට පමණක් නොව ක්‍රියාවට ද නංවන බවත් ආබාධිත වුවත් මේ පිිරිස අපරටේ පුරවැසියන් නිසා මේ ප්‍රජාව වෙනුවෙන් සුහුුරු අධ්‍යාපනය ආරම්භ කරන බවත් සුහුරු පුහුණු ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා. ්‍

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *