ආරුගම්බේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් විමර්ශන නිලධාරින් විසින් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
විදේශ සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටි ආරුගම්බේ ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පවතින බවට ඇමරිකානු තානාපති කාර්යාලය මගින් පසුගියදා නිවේදනය කළා.
එහිදී විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ.
විමර්ශනවලට අදාල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.