ඇපලෝ 8 හඳට ගිය ගගණගාමියා සැහැල්ලු ගුවන්‍යානයක් පියාසර කිරීමේදී මරුට

ඇපලෝ 8 මෙහෙයුමේදී අතිශයින් ප්‍රසිද්ධියට පත් ඡායාරූපයක් වන ‘පෘථිවි උදාව‘ හෙවත් අර්ත් රයිස් ඡායාරූපය ලබාගත් ගගනගාමියා ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ 90 හැවිරිදි වියේ පසුවූ බිල් ඇන්ඩර්ස් පදවමින් තිබූ කුඩා ගුවන් යානය වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින් වූ ජෝන්ස් දූපත ආසන්නයේදී මුහුදට කඩාවැටී ඇති බවයි.

මීට වසර 50කට පමණ පෙර, එනම් 1968 දෙසැම්බර් 24 වනදා ඇපලෝ 8 මෙහෙයුමේදී ගගනගාමී බිල් ඇන්ඩර්ස් විසින් චන්ද්‍රයා වටා කක්ෂගතව සිටින අවස්ථාවක කැමරාවට හසු කර ගත් අර්ත් රයිස් අර්ත් රයිස් නැමති ඡායාරූපය ඉතාමත් ප්‍රසිද්ධියට පත්වුණා.

නත්තල් දිනට පෙර සන්ධ්‍යාවේ ගත්, මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ නිසරු චන්ද්‍ර පෘෂ්ඨයේ සිට ක්ෂිතිජයට ඉහළින් පෘථිවිය නැගී එන ආකාරයයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *