ඇමති නිල නිවාසවල මන්ත්‍රීවරු තිදෙනෙක් බලහත්කාරයෙන් පදිංචි වෙලා

ඇමති නිල නිවාසවල නිති විරෝධීව රැඳී සිටින මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව වාර්තා වෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අමාත්‍යවරුන්ගේ නිල නිවාස සම්බන්ධයෙන් කටයුතුකරන අංශය මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවධානයට යොමුකර ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

මේ පිරිස අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙකුද සිටින බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම, මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති ඇතැම් නිවාසවල ඔවුන්ගේ හිතවතුන්, ඥාතීන් සහ ආරක්ෂකයින්ද රඳවාගෙන සිටින බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් විමර්ශනයක් අරඹා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *