පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳව තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන්නැයි විජිත හේරත් ඇමතිවරයාට සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අභියෝග කලේය. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.11.04) පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව හා එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ඇමති විජිතට ප්‍රසිද්ධ විවාදයකට අභියෝගයක්
තමන්ගේ දේශපාලන හිතවතුන් වැරදිකරුවන් කරලා තිබෙන නිසා විජිත හේරත් ඇමතිතුමා බොරු හේතු දක්වලා අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කළා. අල්විස් විනිසුරුතුමිය විෂමාචාර කරලා තිබෙන බවට ඇමතිතුමා චෝදනා කළාම පුළුවන් නම් ඒකට සාක්ෂි ඉදිරිපත් කරන්න කිව්වාම හෙමින් සීරුවේ ඒක මග හැරියා. කිසිම ආයතනයකින් ණය අරගෙන නැ කිව්වාම 2024 ඔක්තෝම්බර් 7 දා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් ගත්තා කියලා අපි සාක්ෂි පෙන්නුවාම විජිත ඇමතිතුමාගේ ප්‍රතිචාරය වුණේ ඒක අපි ගත්තුණයක් නොවේ. කලින් ආණ්ඩුව ගත්තුණයක් කියලා, ඊයේ ආණ්ඩුවේ ඇත්ත ජනාධිපති ටිල්වින් සිල්වා මැතිතුමාත් මැතිවරණ වේදිකාවේ මේ බොරුවම නැවත වතාවක් කියනවා මම දැක්කා. බොරු කියලා ජනතාව රවටලා බලය ගත්තා මදිවට තව දුරටත් බොරු කියනවා. ටිල්වින් විජිත මැතිතුමන්ලා බොරු කියන බවට අපි කියන්නේ ඇයි?
මේ තිබෙන්නේ ඔක්තෝම්බර් 7 දා ජනපති ඉදිරියේ ලෝක බැංකු නිලධාරීන් සහ අපේ මුදල් අමාත්‍යාංශ ලේකම් ණය ගිවිසුමට අත්සන් කරන ඡායාරූපය. මේ තිබෙන්නේ ණය ගැනීමෙන් උද්දාමයට පත් නවවන ජනපති මෙන්ම ණය වන ජනාධිපති වන අනුර දිසානායක මැතිතුමා සමාජ මාධ්‍ය වලට නිකුත් කරපු නිවේදනය. මේ තිඛෙන්නේ අපි ණය ගත්තේ නෑ කියලා විජිත හේරත් ඇමතිතුමා කළ ප්‍රකාශය. ජනාධිපතිතුමනි, ණය ගත්තාට කමක් නෑ. පක්ෂයේ මහ ලේකම්තුමාටයි ආණ්ඩුවේ මාධ්‍ය ප්රකාශකතුමාටයි පොඩක් ඒ ගැන දැනුම්වත් කරන්න. නැතිනම් මහ ජනතාව ඉදිරියේ ඒ අය අසීරුතාවයට පත් වෙනවා.
ඒ වගේම මුදල් අච්චු ගැසීමක් සිදුවෙලා නෑ වගේම මහ බැංකුව ණය ගන්නේ පරිනත වෙන භාණ්ඩාගාර බිල්පත් පියවන්න විතරයි වගේ කාරණා ගණනාවක් පිළිබඳ අපි දැක්වූ අදහස් වලට ප්‍රතිචාර දක්වමින් විජිත ඇමතිතුමා බොරු කිව්වා. නමුත් එතුමා ඉන්න තැන මම නෑ. මම ඉන්න තැන එතුමා නෑ. ඒ නිසා පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට මම විජිත හේරත් ඇමතිතුමාට අභියෝග කරනවා. තමන්ගේ දැනුම ප්‍රමාණවත් නෑ වගේ දැනෙනවා නම් ආර්ථික විද්‍යාව සහ නීතිය පිළිබඳ ඕනෑම මහචාර්යවරයෙක් සහයට කැඳවා ගෙන එන්න පුළුවන්. හැබැයි අපි එන්නේ තනියම. “ඌරන් රංචු ගැසී ආවාට සිංහයා එන්නේ තනියම” කියලා කතාවක් තිබෙනවානෙ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා සීඅයිඩියෙන් ඉවතට
රවි සෙනෙවිරත්න මහතාගේ නොසැලකිල්ල නිසා පාස්කු ප්‍රහාරය සිදු වුණු බවත් ඔහු තනතුරේ සිටිය නිසා මීට පෙර පැවැති කොමිෂන් සභා ඉදිරියේ මේ කාරණය නිසි අයුරින් මතු නොවුණු බවත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කළා. මේ පිළිබඳ පොලිස් විමර්ශනයක් සිදු කර ඔහුගෙන් සිදුවුණු සාපරාධි නොසැලකිල්ලට දඬුවම් කරන මෙන් පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටියා. මේ පැමිණිල්ල විමර්ශනය කරන්න භාර වුණේ සී අයිද්ධියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා මහතාට, තමන් කළ වරද තමන් දන්න නිසා බොහොම කලබල වුණු රවි සෙනෙවිරත්න මහතා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා තමන්ව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් තිබෙනවා. ඒක වලක්වන්න කියා ඉල්ලීමක් කළා. ඒ නඩුව තවම විභාග වෙනවා. ඒ අතරේ තමයි රවි සෙනෙවිරත්න මහතා පොලිසිය භාර අමාත්‍යාංශ ලේකම් වෙන්නේ.
රවි සෙනෙවිරත්න මහතා පොලිසිය භාර ලේකම් වුණත් පොලිස් විමර්ශනය දිගටම කරගෙන යන්න තරම් ඉන්දුක ද සිල්වා මහතා නිර්භීත වුණා. රවි සෙනෙවිරත්න මහතා මොකද කලේ? මැතිවරණ කොමිසමෙත් කනෙන් රිංගලා රාජකාරි අවශ්‍යතා මත කියලා ඉන්දුක ද සිල්වා මහතාව සීඅයිඩියෙන් පොලිස් මුලස්ථානයට මාරු කළා. රාජකාරි අවශ්‍යතා මත කියලා කිව්වාට කිසිම රාජකාරියක් පවරලා නැ කියලා තමයි අපට නම් ආරංචි.
ජයවර්ධන ජනාධිපතිතුමා කෙතරම් හිතවතෙක් වුණත් ගෝනවල සුනිල්ව පොලිසිය භාර ලේකම්
කලේ නෑ. ප්‍රේමදාස ජනාධිපතිතුමා කෙතරම් හිතවතෙක් වුණත් සොන්ති උපාලිව පොලිසිය භාර
ලේකම් කලේ නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිතුමිය තමන්ගේ කොතරම් හිතවතෙක් වුනත් බැද්දගානේ සංජීව පොලිසිය භාර ලේකම් කලේ නෑ. මොකද ඒ අය පොලිස් විමර්ශන වල සැකකරුවන් නිසා. නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් විමර්ශනයක සැකකරුවෙකුව පොලිසිය භාර ලේකම් බවට පත් කලේ වත්මන් ජනාධිපතිතුමා. ඉතින් අපි සැක කළ අයුරින්ම දැන් තමන්ට එරෙහිව තිබෙන විමර්ශනය කඩාකප්පල් කරන්න රවි සෙනෙවිරත්න මහතා තමන්ගේ ලේකම් ධූරය භාවිතා කරනවා.
විපක්ෂයේ හිටපු මන්ත්‍රී අනුර දිසානායක මැතිතුමාට සවන් දීලා ” මාධ්‍යයට අත නොතබනු “
ජනාධිපතිතුමා නම සඳහන් කරමින් හිරු නාලිකාවට තර්ජනය කරනවා අපි දැක්කා. හිරු නාලිකාව ඉතාම අභීතව විපක්ෂයේ මතය කියනවා. චන්ද්‍රිකා යුගයේ දී සිරිසේන යුගයේ දී ගෝඨාභය යුගේ දී වගේම රනිල් වික්‍රමසිංහ යුගයේ දීත් අපි ආණ්ඩු කර්කශව විවේචනය කරන විටත් රාජ්‍ය මාධ්‍ය අපට ඉඩ දුන්නා. දැන් අපේ කිසිම දෙයක් රාජ්‍ය මාධ්‍ය වල විකාශනය කරන්න එපා කියලා උපදෙස් ලැබිලා තිබෙන බව මාධ්‍ය ඇතුලෙන්ම අපට ආරංචි වෙනවා. හිරු නාලිකාවට ජනාධිපතිතුමා තර්ජනය කරන්නේ රාජ්‍ය මාධ්‍ය වගේම පෞද්ගලික මාධ්‍යයත් හීලෑ කරගෙන ආණ්ඩුවට ඕනෑ දේවල් පමණක් විකාශනය කර ගන්නයි.
ජනාධිපතිතුමනි, ඔබතුමා පෙරහැරේ යන්නේ නිරුවතින්. ඒත් හැමෝම ඔබතුමාගේ ඇඳුම වර්ණනා කරනවා. ඒ අතරේ කවුරු හරි ඔබතුමාගේ නිරුවත පෙන්වන්න නිර්භීත වෙනවා නම් ඔබතුමා කළ යුත්තේ ඒ අයට ප්‍රශංසා කිරීම මිස ඒ අයට තර්ජනය කිරීම නොවේ. ඒ වගේම මේ රටේ ජනතාවගෙන් 58%ක් ඡන්දය දුන්නේ ජනපතිතුමන්ට විරුද්ධව. ඒ බහුතර මතයට මාධ්‍ය තුල අවස්ථාව ලබා දෙන්න සිදු වෙන බව ඔබතුමා පිලි ගන්න ඕනි.
සාමාන්‍යයෙන් ආණ්ඩුවක් මාධ්‍යයට තර්ජනය කරන්නේ ආණ්ඩුවේ බහින කලාව උදා වුණාම. කිසිම ආණ්ඩුවක් තමන්ගේ දෙවන මාසයේ දී ආණ්ඩුවට තර්ජනය කරලා නෑ. ආණ්ඩුව දෙවන මාසයේ දීම මාර්ගයට තර්ජනය කරන්නේ තමන්ගේ බහින කලාව දැනටමත් උදා වෙලා කියන එක ජනපතිතුමාම පිලි ගන්නා නිසාදැයි අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා.
මෙම මාධ්‍ය හමුව සදහා සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක වරුන් වන ශිරන්ත ජයලත්, ගාමිණී රම්‍යකුමාර යන මහත්වරුන්ද සහභාගී විය.