ඇයි රජයට IMF එකත් එක්ක සාකච්ඡා කර බදු බර අඩු කරන්න බැරි – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි

IMF එකත් සමග කතා කර ජනතාවට ලැබෙන සහන වැඩි කරන ජනතාවගේ කරපිට බදුබර පැටවීම ලිහිල් කරන නව ගමනක් රටේ ජනතාව අපේක්ෂා කළත් මේ මොහොත වන තුරු IMF නියෝජිතයන් සමග සාකච්ඡා කලත් ජනතාව මත පැටවු සෘජු හා වක්‍ර බදු අඩු කරන්න රජයට නොහැකි වී ඇති බවත් තවමත් ඒ බදු ඒ ආකාරයෙන් ක්‍රියාත්මක බවත් වත්මන් රජයත් IMF ගිවිසුම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවත් මැතිවරණ කාලයේ දුන් පොරොන්ද රජයට අමතක වී ඇති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අවිස්සාවේල්ල පැවැති පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.

ජනාධිපතිවරයා සහ රජය ImF එකත් සමග සිදුකළ සාකච්ඡාවට වුන දේ දැන ගන්න කැමති බවත් සෘජු හා වක්‍ර බදු අඩු කරන්න රජය ගන්නා පියවර දැන ගන්නට කැමති බවත් තමා බලයට ආවා නම් ImF ගිවිසුම සංශෝධනය කරන බදු බර අඩු කර බදු අසහනය නැති කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම වත්මන් රජය මැතිවරණ සමයේ බදු අඩු කරනවා යැයි කිව්වත් එය කරන්නේ නැති බවත් සමගි ජන බලවේග රජයක් තුළ IMf එකත් සමග සාකච්ඡා කර බදු බර අඩු කරන බවත් සජිත් ප්‍රේමදාස මෙහි දී අවධාරනය කලේය.

තවද පවතින ක්‍රමවේදය තුළ ජීවන බර උහුලා ගත නොහැකි බවත් මේ පීඩනය නිසා ජනතාව අසරණ වී ඇති නිසා මේ පීඩනය අසහනය අඩු කරන වැඩපිළිවෙළකට යා යුතු බවට තමා විපක්ෂයේ සිටම ⁣IMF එකට යෝජනා කළ බවත් එදා IMF නියෝජිතයන් තමා කියු දෙයට ඇහුම්කම් දී ජනවරමක් ඇත්නමි ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න කැමති වු බවත් සමගි ජන බලවේගය බලයට ආවා නම් ජනතාව පීඩවට පත් කරන බදු බර නැති කර සහන සලසන බවත් මෙහි දී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 365

Leave A Reply

Your email address will not be published. Required fields are marked *