ඉක්වදෝර ජනපති අපේක්ෂකයාගේ ඝාතනයට තවත් පිරිසක් අත්අඩංගුවට

ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක ෆර්නෑන්ඩු විලාවිසෙන්සියෝ ඝාතන සිද්ධියට එරට විශාලතම අපරාධ කල්ලියවන ලොස් ලොබොස්හි තවත් සාමාජිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙර එම කල්ලියේ නායක කාලෝස් ඇන්ගුලෝ සහ ලෝරා කැස්ටිලා නැමැත්තා අත්අඩංගුවට ගෙන වසර 34යි මාස අටක සිර දඬුවමක් නියම කෙරුණා.

ජාතික සභාවේ සභිකයෙකු සහ හිටපු මාධ්‍යවේදියෙකු වන විලාවිසෙන්සියෝ පසුගිය අගෝස්තුවේදී ක්විටෝ අගනුවර පැවති ප්‍රචාරක රැලියකින් පසු පිටව යද්දී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *