ඉතාම කෙටි කාලයක් තුළ විදුලිබිල අඩු කිරීමේ පොරොන්දුව කඩ වෙයි



ඉතාම කෙටි කාලයක් තුළ විදුලිබිල සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු කරන බවට ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ රැලිවලදී වත්මන් ජනාධිපති, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් දෙන ලද පොරොන්දුව මේ වන විට කඩ වී තිබේ.

පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ ද මින් පෙර ප්‍රකාශ කළේ 30% කට වඩා වැඩි ප්‍රතිශතයකින් විදුලිබිල අඩු කිරීම සඳහා වසර 3 ක් වැනි කාලයක් ගත වනු ඇති බව ය.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බව ය.

අධික ජීවන බරකින් පීඩා විඳින පාරිභෝගික මහජනතාවගෙන් අධික විදුලි බිලක් අය කර ගනිමින් මේ වසර ඇතුළත බිලියන ගණනක ලාභයක් ලබන්නට ලංකා විදුලිබල මණ්ඩලය සමත් වී ඇති අතර, ජාතික ජන බලවේගයේ සාමාජිකයෙක් වන ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මින් පෙර සඳහන් කළේ විදුලි සේවකයන්ගේ බෝනස් සහ දීමනා මෙවර කෙසේ හෝ ලබා ගන්නා බව ය. තමන්ගේම සහෝදරයෙකු මෙවර විදුලිබල ඇමැති ධුරය දරන බව ද හෙතෙම මතක් කර සිටියේ ය.

පාරිභෝගික මහජනතාව පෙලමින් ඔවුන්ගෙන් ලබා ගත් අමතර ලාභ මුදල විදුලිබිල අඩු කිරීමකින් පියවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු නොකිරීම අතිශය කණගාටුදායකය. දැන් අපි මහජන උපයෝගීතා කොමිෂන් සභාව ගන්නා තීරණය සම්බන්ධයෙන් මහජනතාව වන අපි බලා සිටිමු.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *