ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන්න නව සන්ධානයක්

ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා නව සන්ධානයක් බිහි කිරීමට සූදානම් බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ශ්වය සහ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අතර අද (14) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ සිටින ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම එක්ව නව සන්ධානය බිහි කරන බවත් මැතිවරණයේදී සහය දෙන්නේ කාටදැයි ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් එහිදී පැවසුවා.

එම අවස්ථාවට අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර මන්ත්‍රීවරු සහ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *