“ඉදිරි වසර 05 තීරණාත්මකයි” – ජනපති

රටක් ලෙස සාර්ථක වෙනවාද නැද්ද කියා තීරණය වන්නේ ඉදිරි වසර 05 තුළදී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සඳහා අභිනවයෙන් ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (13) එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අසීරු කාලයක රට භාරගෙන සියලු දේශපාලන පක්ෂවල පිරිස එක් කර ගනිමින් රටේ ආර්ථිකය ගොඩගැනීමට මට හැකි වුණා.

ඒ අනුව මෙරට පළමු වතාවට ජාතික මට්ටමින් සිතිය හැකි කණ්ඩායමක් නිර්මාණය වුණා.

එම ක්‍රමය අනාගතයටත් අවශ්‍යයි. කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළද රට ගැන සිතිය යුතුයි.

අප රටක් ලෙස සාර්ථක වනවාද නැද්ද කියා තීරණය වන්නේ ඉදිරි වසර 05 තුළයි.

ඒ නිසා අප අනාගතය දෙස අවධානය යොමු කරමින් කටයුතු කරමු කියා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *