ඉන්දීය ත්‍රස්තයින්ට සම්බන්ධ තුන්දෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝගයක්

අයි.එස් සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදි ඇල්ලූ ශ්‍රී ලාංකිකයින් හතරදෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ ඔවුන්ට සහය වීමේ චෝදනාව මත මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙස අධිකරණය නියම කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මෙම නියෝගය නිකුත් කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම සලකා බලමින්.

මේ අතර මෙම සිද්ධියට අදාලව කොළඹදී අත්අඩංගුවට ගනු ලැබූ ජෙරාඩ් පුෂ්පරාජ් ඔස්මන්ඩ් ජෙරාඩ් පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය සදහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *