ඉන්දීය විදේශ කටයුතු ඇමති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජය ශංකර් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද කොළඹ දී පැවැත්වුණා.

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ආධාර, උපකාර සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන ගමන් සියවස් ගණනාවක් පුරා දෙරට අතර තිබූ මිත්‍රශීලීත්වය ඉදිරියටත් නොවෙනස්ව පවත්වා ගත යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ ද ඉන්දියාව සමඟ අන්තර් සම්බන්ධතාව පවත්වාගෙන යන බවත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත මෙහිදී පැවසුවා.

ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති සඳහා මෙන්ම සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඉන්දීය රජයෙන් ලැබුණු දායකත්වය කිසිදා අමතක නොකරන බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ඉන්දීය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඉන්දියාවේ මෙන් සුහුරු අධ්‍යාපනයක් හා නව ලොවට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ ද නිර්මාණය කිරීම තම අරමුණ බවයි.

එසේම නැවත වරක් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ නරේන්ද්‍ර මොදි මහතාට සිය සුභාසිංශන පිරිනමන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ සිට දෙරට අතර ද්වීපාර්ශ්වීය සම්බන්ධතා ඇති කර ගැනීමට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතිශය සතුටට පත්වන බවත් ඉදිරියටත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට ඔහු සූදානමින් සිටින බව කියා සිටියා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොවෙනස් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවකට සහ මේ මිතුදම තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජය ශංකර් පැවසුවා.

මේ අවස්ථාවට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් මහාචාර්ය ජී. ඇල්. පීරිස්, එරාන් වික්‍රමරත්න, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, නිරෝෂන් පෙරේරා, වී රාධාක්‍රිෂ්ණන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *