ඉන්දු – පාකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාධා?

මෙවර පන්දු වාර විස්ස ලෝක කුසලානයේ වැඩිම අවධානයක් දිනාගත් ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද ඇමරිකාවේ නිව්යෝක්හි නසාව් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

තරගය හේතුවෙන් එම ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

එමෙන්ම තරගයේ ප්‍රවේශපත්‍ර වාර්තාගත ලෙස අලෙවි වන බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

මෙම තරගය සජීවීව පුළුල් තිර ඔස්සේ නැරඹීම සඳහා ලොව බොහෝ රටවල් සූදානමින් සිටින බවද වාර්තාවනවා.

එමෙන්ම මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වනු ඇති බවයි නිව්යෝර්ක් කාලගුණ අංශ අනාවැකි පළකර ඇත්තේ.

ඒ අනුව ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම කාලගුණ අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඉන්දු – පාකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් එම තරගය වෙනුවෙන් වෙනත් දිනයක් ද වෙන්කර නොමැති අතර තරගය වර්ෂාවට සේදී ගියහොත් ඉන්දියාව සහ පාකිස්ථානයට එක් ප්‍රසාද ලකුණු බැගින් හිමිවන බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *