ඉරාන සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 05කට අත්සන් තැබේ

ඉරාන ජනපති සහ ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනවා.

එහි දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 05ක් සඳහා අත්සන් තැබීම සිදුවුණා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍යවරුන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා සහභාගී වූවා.

මාධ්‍ය, සංචාරක, සිනමා, පුස්තකාල සහ සංස්කෘතික, විද්‍යාත්මක, තාක්ෂණික සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල සහයෝගිතාව ආවරණය කරමිනුයි මෙලෙස ගිවිසුම් 05 සඳහා අත්සන් තැබීම සිදුවූයේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *