ඉරාන හමුදාව ඊශ්‍රායල නැවක් අල්ලයි

සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ මාරාන්තික ප්‍රහාරයකින් පසු දක්වන ප්‍රතිචාරයක් වශයෙන් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් ඊශ්‍රායලයට අනුබද්ධ පෘතුගීසි ධජය සහිත වාණිජ නෞකාවක් වන MSC Aries සියතට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම නෞකාව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ යටතට පත්වන අවස්ථාවේ එහි ඉන්දියන් ජාතික නාවිකයන් 17 දෙනෙකු සිටි බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

මේ අතර ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, කැරලිකරුවන් විසින් පැහැර ගත් නෞකාව ඉරානය දෙසට රැගෙන යමින් පවතින බවයි.

මෙම නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වරායකින් ඉන්දියාව බලා පිටත්ව යමින් සිටිය දී කැරලිකරුවන්ගේ ග්‍රහණයට පත් වූ බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

MSC Aries වන එම නෞකාව ඊශ්‍රායල ප්‍රකෝටිපතියෙකු වන ඉයාල් ඔෆෙර් (Eyal Ofer) සහ ඔහුගේ පවුලේ අය විසින් පවත්වාගෙන යනු ලබන
සෝඩියැක් (Zodiac) සමූහයේ කොටසක් වන ලන්ඩනය පදනම් කරගත් සෝඩියැක් මැරිටයිම් (Zodiac Maritime) ආයතනයට අයත් එකක්.

මෙම නෞකාව පැහැර ගැනීම සඳහා ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් සෝවියට් දේශයේ නිර්මාණය කරන ලද Mil Mi-17 වර්ගයේ හෙලිකොප්ටරයක් භාවිත කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *