ඉහළ කොත්මලේ ජලාශයේ තිබී මළසිරුරක් සොයා ගැනේ

නිවසින් අතුරුදන්ව සිටි තරුණයෙකුගේ මළසිරුරක් ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී අද (14) සොයා ගෙන තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ තලවකැලේ වත්තේ ඉහළ කොටසේ පදිංචිව සිටි එස්. මදුෂාන් නැමැති 24 හැවිරිදි තරුණයෙක්.

එම තරුණයා ඉකුත් 11 වැනිදා සිට නිවසින් අතුරුදන් ව සිටන බවට එම තරුණයාගේ දෙමාපියන් විසින් තලවකැලේ පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.

තලවකැලේ පුඩළුඔය මාර්ගයේ ජලාශය හරහා ඉදිකර තිබෙන පාලම යට නාඳුනන පිරිම මළසිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් තලවකැලේ පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මත අදාළ සිරුර ගොඩ ගෙන පරික්ෂා කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අදාළ තරුණයාගේ ඥාතීන් විසින් සිරුර හඳුනා ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *