ඊයේ අත්අඩංගුවට ගත් ”අංගොඩ ලොක්කා”ගේ සගයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඊයේ (28) සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් ඉන්දියාවේදී මියගිය යැයි කියන පාතාල නායක “අංගොඩ ලොක්කා”ගේ සගයා මැයි 4 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඉන්දියාවේදී මිය ගිය බවට පැවසෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන චිටී නැමැත්තා ඊයේ (28) විදෙස් ගත වීමට උත්සහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ ගුවන්තොටුපළේ මෑතකදී සවිකළ ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය හරහා මොහු හඳුනාගැනීමෙන් පසුව අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගි කර ගනිමින් විදෙස් ගත වීමට උත්සහ කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණ වී තිබුනේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන අතර, මොහු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10ක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සහ ජාවාරම් කිරීමට අදාළව මුල්ලේරියාව පොලිසියට අවශ්‍යව සිටි තැනැත්තෙක්.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත අපරාධ කල්ලි සාමාජිකයින් රටින් පළා යාමේදී අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන්ගේ ඡායාරූප ලේඛන ගත කර ගුවන්තොටුපළ වෙත ලබා දී තිබුණා.

එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙම සැකකරු ගුවන්තොටුපළින් පිටව යන අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *