උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

විශාල මාර ගසක් කඩා වැටිමෙන් ඇනහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු (23) දින පස්වරු 3 සිට යථා තත්ත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවා.

උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි පෙන්රෝස් ප්‍රදේශයේදි අද අලුයම 5 – 6 අතර කාලයේදි ගසක් කඩා වැටී තිබුණා.

දුම්රිය මාර්ගය අවහිර වීම හේතුවෙන් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු සියළුම මගි ප්‍රවාහන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානයෙත්, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු මගි ප්‍රවාහන දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ නතර කර තිබුණා.

කඩා වැටි තිබු ගස නාවලපිටිය සහ හැටන් දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් කපා ඉවත් කිරිමට කටයුතු කළා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ (23) දින ධාවනය වු සියළුම දුම්රියන් ප්‍රමාද වි ධාවනය විමෙන් මගීන් දැඩි අසිරුතාවයට පත් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *