‘උණ්ඩියල්’ ක්‍රමයෙන් මුදල් වංචාකළ පොහොට්ටු සංවිධායකවරයා අත්අඩංගුවට

යාපනයේ වැසියන්ට විදේශ රටවලින් මුදල් ගෙන්වා දෙන නීති විරෝධී ‘උණ්ඩියල්’ ජාවාරමක නිරත වෙමින් යාපනයේ පුද්ගලයින්ගෙන් රුපියල් දස ලක්ෂ අනූදහසක මුදලක් වංචාකළ පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ඊයේ (14) පොලිසිය විසින් යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී, යාපනය ප්‍රදේශවාසීන් විසින් පොලිසියට කරන ලද පැමිණිලිවලින් අනතුරුව යාපනය පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණිලි සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ආරම්භ කොට සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

විදෙස් රටවලින් එවනු ලබන මුදල්වලින් විශාල මුදල් ප්‍රමාණයක් ඔහු විසින් වංචනිකව ලබාගෙන ඇති නමුත්, දැනට පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ රුපියල් දස ලක්ෂ අනූදහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පමණක් බවයි ඔහු සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබෙනවා.

විදේශ රටවල රැකිවල නිරත ලාංකිකයින් බොහෝ දෙනෙකු බදුවලින් බේරීමට මෙම නීති විරෝධී උණ්ඩියල් ක්‍රමය හරහා මුදල් එවනු ලබන අතර, මහ බැංකුව විසින් එම ක්‍රමය නීති විරෝධී ක්‍රියාවක්බවට නම් කොට එවැනි ජාවාරම්වල නිරත වන්නන් අත්අඩංගුවට ගැනීමට ද ක්‍රියා කරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *