උත්සව සම‍යේ රිය අනතුරුවල වර්ධනයක්

උත්සව සම‍යේ රිය අනතුරුවල වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිසිය පවසනවා.

අපරික්ෂාකාරී රිය ධාවනය සහ බීමතින් රිය ධාවනය කිරීම ආදී හේතු මුල්කරගෙන අනතුරු බහුල වී ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

මේ අතර අධික වේගයෙන් රිය පැදවීම, මංතීරු නීති උල්ලංඝනය කරමින් රිය පැදවීම හා මාර්ග තදබද ඇති අවස්ථාවල අපරික්ෂාකාරී ලෙස රිය පදවන රියදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ප්‍රකාශකර සිටියා.

බීමතින් රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පැය විසි හතර පුරා යොදවා ඇති බවත් විශේෂ යතුරුපැදි කණ්ඩායම්ද යොදවා ඇති බවයි ඔහු ඊයේ (12) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේ.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *