උසස් පෙළ කඩයිම ජයගත් විශිෂ්ටයෝ මෙන්න

මෙවර උසස් පෙළ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා.

එම ප්‍රතිඵලවලට ජීව විද්‍යා අංශයෙන් පළමු ස්ථානයට පත් වීමට උපනි ලෙනෝරා ශිෂ්‍යාව සමත් වුණා.

ඇය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හැදෑරු ශිෂ්‍යාවක්.

මේ අතර උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශෙහානි නවෝද්‍යා ශිෂ්‍යාව සමත් වුණා.

ඇය ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාල‍යේ උසස් පෙළ විභාගය හැදෑරු සිසුවියක්.

මේ අතර ගණිත අංශයෙන් දිවයිනෙන් ම ප්‍රථමස්ථානය දිනා ගැනීමට චිරාත් නිරෝධ ශිෂ්‍යා සමත් වූ අතර ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවෙක්.

කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තසුන් රිත්මික ශිෂ්‍යා සමත් වී තිබෙනවා.

ජීව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කිරුළු පල්ලියගුරු ශිෂ්‍යයා සමත් වුණා.

ඔහු ඇහැලියගොඩ ජාතික පාසලෙන් උසස් පෙළ කඩයිමට මුහුණ දුන් සිසුවෙක්.

මේ අතර පානදුර බාලිකා විද්‍යාලයේ ෂෙහාරා සිතුමිණි අ.පො.ස උසස් පෙළ විභාගයෙන් (2023) වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *